Friday, 17 December 2010 00:00 |
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ ලොව පහලව, මේ කැඩි වැනසී යන ලෝකය සාරයි වටිනවා කියා අරන් ඇති දෘෂ්ඨිය, ඒවගේම ඒ දේවල් "මම" "මගේ" "මගේ ආත්මය" යයි කියා ගන්නා ලද මේ දෘෂ්ඨිය, හේතුඵල රටාවක් අනුව ගලාගෙන යන දේවල් බවත් එම දෘෂ්ඨිය විසි ආකරයකින් සත්වයා බැඳී ඇති ආකාරය දේශනා නොකරන්නට කෙසේ නම් නිවනක් දකින්නද. සැඟවීගිය මේ වටිනා දහම ඒ ආකරයෙන්ම දැනගමු. සක්කාය දිට්ඨියෙන් (සත්කාය දිට්ඨියෙන්) මිදෙමු.

|
Wednesday, 24 November 2010 00:00 |
වම් අතයි දකුණු අතයි වේගෙන් එකට ගැටීමට සැලැස්සුවාම එයින් ශබ්දයක් පිට වෙනවා. වම් අතයි දකුණු අතයි එකට ගැටීම නිසා ඇති වූ ශබ්දය තිබුනේ, වම් අතේද .. නැතිනම් දකුණු අතේද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ මොකද්ද ?
මේ ධර්ම දේශනාවට සවන් දී උත්තරය හොයා ගමු.

|
Monday, 22 November 2010 00:00 |
අර්යමාර්ගය සම්පූර්ණ කරන කුසල මූල පටිච්චසමුප්පාදයට අනුව "ඒවමෙතස්ස ධම්මානං සමුදයෝ හොති" යනුවෙන්, මුල්වන්නෙත් අලෝභයයි , අද්වේශයයි අමෝහයයි. ඒ වගේම කෙලෙස් සහිත සුගතියේ උප්පතියට හේතුවන නමුත් "ඒවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්න්ධස්ස සමුදයෝ හොති" යනුවෙන් දුක්ඛක් සක්න්ධයක් ඇති ජාතියක් උරුම කරන්නෙත් අලෝභයයි , අද්වේශයයි අමෝහයයි. මින් ලෞකික සහා ලෝකොත්තර වෙනසක් නැතිනම් එක මාර්ගයකින් දුකේ කෙළවරත් අනෙක් මාර්ගයේ දුකත් උරුම කරයිද ?
ගැටළුව ලෙහාගමු මේ මනරම් දහම් දෙසුමට සවන් දෙමු.

|
Tuesday, 02 November 2010 12:20 |
"ඇත" යනු එක අන්තයකි ! "නැත" යනු තව අන්තයකි ! "මාධ්‍යයෙන්" නිවන් අවබෝධ කරගත යුතය යන්නයි බුද්ධ දේශනයේ තියෙන්නෙ. අපි මුලින්ම බලන්න ඕන නිවන් දකින්නේ කවුද කියන එකට වැඩිය නිවන කියන්නෙ මොකද්ද කියලා. ඊට පසේ මේ හේතුවක් නිසා හට ගන්න ඵලයක් වූ ශක්ති ප්‍රවාහය එහෙම නැතිනම් "මම" හඳුනාගමු. වටිනාවු මෙම දහම් දේශනාව අසමු.

|
|
|
|
<< Start < Prev 1 2 3 4 Next > End >>
|
Page 2 of 4 |