Wednesday, 10 March 2010 14:01 |
"අනිච්ඡ" විස්තර කරන විට අද බොහෝ තැන්වල විස්තර කෙරෙන්නෙ "අනිත්‍ය" නැත්නම් "ස්ථීර නැහැ" ආදි වශයෙන්. ඇත්තටම යමක් ස්ථීර නැත්නම දුකක් එනවද ? කෙනෙක් කියයි මට භයානක රෝගයක් තියෙනවා ඒක ස්ථීර නැති නිසා සනීප වෙනවා මට සතුටක්නෙ එන්නේ කියළා.
බුද්ධ දේශණාවේ මෙහෙම තියෙනවා, "ලෝකය අනිච්ඡ සේ දකින්නෙ අනුලෝමක්ෂාන්තියට පත්වන්නේය, නිවන නිච්ඡ සේ දකින්නේ සම්‍යත්ත නියාමයට බස්නේය. සම්‍යත්ත නියාමයට පත් කෙනෙක් සෝවාන්, සකෘදාගාමි, අනාගමි අරිහත් ඵලයට පත් වන්නේමය. අනුලෝමක්ෂාන්තියට නොපත් කෙනෙක් සම්‍යත්ත නියාමයට බස්නේය යන්න සිදු නොවන්නකි. සම්‍යත්ත නියාමයට නොපත් කෙනෙක් සෝවාන්, සකෘදාගාමි, අනාගමි අරිහත් ඵලයට පත් නොවන්නේය".
ඉතින් අනිච්ඡ වටහා ගමු, අනුලෝමක්ෂාන්තියට පත්වෙමු.

|
Tuesday, 26 January 2010 00:00 |
දුක්ඛ සත්‍යය
ඇත්තටම දුක කියන්නේ මොකද්ද? අපි මේ එදිනෙදා විඳින දුකද? නැත්නම් අපිට නොතේරෙන සැඟවුණු දුකක්ද?, ඒ කිව්වෙ සැපයි කියලා අල්ලලා බදා ගන්න දේවල් අස්සෙ තියන දුකක් ගැන. එහෙම සැපයි කියලා එන දේවල් අස්සේ දුකක් තියෙනවද? එහෙනම් මේ ගැන නිරවුල්ව දැන ගැනිමට ධර්ම දේශනාව අහල ඉමු.

|
ඉතිරිය...
|
Tuesday, 26 January 2010 00:00 |
අපි මේ ජීවිතයේ නිතරම ප්‍රාර්ථනා කරන්නෙ, අනේ මට ලෙඩක් දුකක් ඇති නොවුනානම්. මට හොඳට කන්න බොන්න තිබ්බානම්. මට ලස්සන ගෙයක් තිබ්බනම්. ඒත් අපිට ලෙඩක් දුකක් නැතුව කොච්චර කාලයක් ඉන්න පුළුවන් වුණාද? අපි කැමති ලෙඩක් දුකක් නැතුව ඉන්න, ඒත් අපිට ලෙඩ දුක් ඇතිවෙනවා, අපි අකැමති දේමයි වෙන්නේ. ඒ කියන්නෙ අපි කැමතිසේ කිසිවක් නැහැ කියන එකද?
අපි දන්නේ නැති වුණත් අනන්ත සංසාරේ විවිධ උප්පත්ති, ජාති වල සැරි සරා පැමිණි අපි මේ විදිහට ඕන තරම් ප්‍රාර්ථනා කරන්න ඇති. ඒ එක ප්‍රාර්ථනාවක් වත් අපි කැමතිසේ තිබුණානම් අපි අද ඉන්නේ මෙතන නෙමෙයි එතනයි. එතකොට අපි නිතරම උත්සාහ කරන්නේ යමක් කැමති සේ පවත්වන්න නේද? ඒ කියන්නේ අපි හැමතිස්සෙම අකැමති දේ වලක්වන්නමයි උත්සහ කරන්නේ. එය බලාපොරොත්තුවෙන් අපට ලැබෙන්නේ සහනයක්ද අසහනයක්ද?
මෙන්න මෙතන තමයි බුදුරජානන් වහන්සේ පෙන්නා දුන්න සත්‍ය තියෙන්නේ. හොඳට සවන් දෙමු.

|
|
|
<< Start < Prev 1 2 3 4 Next > End >>
|
Page 4 of 4 |