බුද්ධ දේශණාව

"යමක් ඇසුරු කරන විට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න"

ආර්‍ය මාර්ගය
ආස්වාදය ඇත්තේ කොහේද ? PDF Print
Wednesday, 24 November 2010 00:00

වම් අතයි දකුණු අතයි වේගෙන් එකට ගැටීමට සැලැස්සුවාම එයින් ශබ්දයක් පිට වෙනවා. වම් අතයි දකුණු අතයි එකට ගැටීම නිසා ඇති වූ ශබ්දය තිබුනේ, වම් අතේද .. නැතිනම් දකුණු අතේද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ මොකද්ද ?

මේ ධර්ම දේශනාවට සවන් දී උත්තරය හොයා ගමු.

 
අලෝභය අද්වේශය අමෝහය ලෞකික සහා ලෝකොත්තර වශයෙන් හඳුනා ගනිමු PDF Print
Monday, 22 November 2010 00:00

අර්‍යමාර්ගය සම්පූර්ණ කරන කුසල මූල පටිච්චසමුප්පාදයට අනුව "ඒවමෙතස්ස ධම්මානං සමුදයෝ හොති" යනුවෙන්,  මුල්වන්නෙත් අලෝභයයි , අද්වේශයයි අමෝහයයි. ඒ වගේම  කෙලෙස් සහිත සුගතියේ උප්පතියට හේතුවන නමුත්  "ඒවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්න්ධස්ස සමුදයෝ හොති" යනුවෙන් දුක්ඛක් සක්න්ධයක් ඇති ජාතියක් උරුම කරන්නෙත් අලෝභයයි , අද්වේශයයි අමෝහයයි. මින්  ලෞකික සහා ලෝකොත්තර වෙනසක් නැතිනම්  එක මාර්ගයකින් දුකේ කෙළවරත් අනෙක් මාර්ගයේ දුකත් උරුම කරයිද ?

ගැටළුව ලෙහාගමු මේ මනරම් දහම් දෙසුමට සවන් දෙමු.

 
"මම" කියා කෙනෙක් නැතිනම්, නිවන් දකින්නෙ කවුද? PDF Print
Tuesday, 02 November 2010 12:20

"ඇත" යනු එක අන්තයකි ! "නැත" යනු තව අන්තයකි ! "මාධ්‍යයෙන්" නිවන් අවබෝධ කරගත යුතය යන්නයි බුද්ධ දේශනයේ තියෙන්නෙ. අපි මුලින්ම බලන්න ඕන නිවන් දකින්නේ කවුද කියන එකට වැඩිය නිවන කියන්නෙ මොකද්ද කියලා. ඊට පසේ මේ හේතුවක් නිසා හට ගන්න ඵලයක් වූ ශක්ති ප්‍රවාහය එහෙම නැතිනම් "මම" හඳුනාගමු. වටිනාවු මෙම දහම් දේශනාව අසමු.

 
අපි එදිනෙදා දකින ජාති දුක, ජරාව, මරණය පෙර නොඇසූ විරූ දහමක් වන්නෙ කෙසේද? PDF Print
Tuesday, 04 May 2010 00:00

දම්සක් පැවතුම් සූත්‍රයට අනුව ජාති දුක, ජරා දුක, මරණ දුක ආදි පෙන්වන දුක්, බුදුපියාණන්වහන්සේ "පෙර නොඇසූ විරූ දහමක් (පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු)" යයි ගෙන හැර දැක්වූයේ ඇයි.  අන්‍යාගමික හෝ බුද්ධශාසනයෙන් පිට ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් (ඕනම පොඩි එකෙක් පවා) "ඔබට මරණයට පත්වීම, එසේ නොමැතිනම් වයසට යාම දුකක්ද සැපක්ද" කියා ඇහුවොත් කුමක් කියයිද? අනිවාරය‍යෙන් කියයි... "සැපක් කොහෙද දුකක් මිසක්" ඉතින් මේ හීනවූ, ග්‍රාම්‍ය වූ , පෘථක්ජනවූ , අනාර්‍යවූ අයටත් තේරෙන දුකක් ගැන කියන්නද බුදුපියාණන්වහන්සේ අනන්ත සංසාරේ පාරමිතා පුරාගෙන ආවේ ?..  

අනික මේ "දුක" සූත්‍රයේ තිබ්බ පලියට .. පොතේ තිබ්බ පලියට.. කටපාඩම් කරගත්ත පලියට... අපිට ඒ බුදුපියාණන් පෙන්නා දුන් "දුක පිළිබඳ ඥාණය (දුක්ඛේ ඥාණං), දුක ඇතිවීම පිළිබඳ ඥාණය (දුක්ඛ සමුදය ඥාණං), දුක නැති කිරීම පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධ ඥාණං), දුක නැතිකිරීමේ මාර්ගය පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ඥාණං)" ලැබෙනවාද..

සාවධානයෙන් මේ වටිනා දහම් දෙසුමට සවන් දෙමු... ගැටය ලෙහා ගමු.


 
ත්‍රිලක්‍ෂණය හරියට දැනගමු PDF Print
Monday, 12 April 2010 00:00

බෞද්ධයකුගේ එකම ප්‍රාර්ථනාව නිවන් මග අවබෝධ කරගැනීමයි. ඊට ඉස්සෙල්ලා දැනගන්න අවශ්‍ය ඇයි අපි නිවන් දකින්න ඕන කියන එක. අද ඕකට ලෝක සම්මතයේ ඉන්න බෞද්ධයා දෙන උත්තරය තමයි "මේ ලෝකෙ සියළු දේ දුකයි, මේ සියළු දේ අතහැරීමෙන් නිවන් දකින්න ඕන" කියන එක. හ්ම්ම්, එතකොට අහන කෙනාට හිතනෙවා මූට පිස්සුද මේ පෙනි පෙනි තියෙන සැප නැහැ කියන්නෙ කියලා.

එතකොට මේ බුදුපියාණන්වහන්සේ දැක්ක දුක මොකද්ද?  මේ  "මහළු වීම", "මරණයට පත්වීම", "අකැමති අය සමග එක් වීම" , "ලෙඩවීම" ආදි අපි එදිනෙදා විඳින, ඕනම කෙනෙකුට තේරුම් යන දුක ගැන කියන්නද උන්වහන්සේ අප්‍රමාණ කාලයක් පෙරුම් පුරාගෙන ඇවිත් මේ ලෝකෙට දේශණා කලේ.

ඒ උතුම් වූ සර්වඥ ඤාණයට පමණක් ගෝචර (පසුව ශ්‍රාවක ගෝචර) වූ, කිසිම අන්‍ය සාස්තෘන්වහන්සේලාගෙන් දැනගත නොහැකි මේ ලෝකෙ අසාර බව, අනාථ බව අවබෝධ කල හැකි මුළු අසුහාරදාහක් ධර්මස්කන්ධයම කැටිවු වූ ත්‍රිලක්‍ෂණය හඳුනාගමු.


 

 
<< Start < Prev 1 2 3 Next > End >>

Page 2 of 3
RocketTheme Joomla Templates