Tuesday, 31 May 2011 00:00 |
මීට අවුරුදු 2600කට පෙර ලොව පහලවූ මහා උත්තමයෙක් සියළු ප්රශ්නවලට උත්තරයක් හොයාගත්තා. අනාතෙන් අනාතයට පත්වූ ලෝක සත්වයාට එකම නාථ මාර්ගය පෙන්වලා දුන්නා. පිලිවෙතක් කියලා දුන්නා. ඒ මහා උත්තමයා කියා දුන් ආකාරයට අපි අද පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේදැයි මේ අති දුර්ලභවු ධර්ම දේශනාවෙන් දැනගමු.

|
|
Friday, 28 January 2011 00:00 |
පහන් එලියත් එලියක්, බල්බ් එලියත් එලියක්, හඳ එලියත් එලියක් අවසානයේ ඉර එලියත් එලියක්. නමුත් මේ කිසිම එලියකට හිරු එලියට සමකරන්න බැහැ. ඒ වගේම තමයි බුදුපියාණන්වහන්සේගේ සිව්පිළිසිඹියා ඥාණය. දහම් වල අර්ථය.. ධර්මය මොකද්ද අධර්මය මොකද්ද යන්න .. ඒ ඒ පද වල වෙන් වෙන් වශයෙන් කියු අර්ථ සහ ඒවා ධර්මානූකූලව තේරුම් ගැනීමේ හැකියාව යනුවෙන් අර්ථ, ධම්ම, නිරුක්ති සහ පටිභාන වශයෙන් ගැනෙන සිව්පිළිසිඹියාව බුදුපියාණන්වහන්සේගෙන් පටන් පහලට ඒ ඒ ශ්රාවකයාගේ මට්ටමට නැගිලා ඒ මට්ටමෙන් අරිහත් ඵලයදි උපරිමත්වයට පත්වෙනවා.
සිව්පිළිසිඹියාව යම් මට්ටමකවත් නැතිනම් සෝවාන් වෙන්නවත් බැහැ. ඒක කොහොමද වෙන්නෙ කියලා ගැටළුවක් ඇති. මේ ධර්මදේශනාව අහලා විසඳගමු.

|
Monday, 17 January 2011 00:00 |
"මනන්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං" මන ධර්මයන් හා ගැටීමේදි මනෝවිඥාණ උපදි යන සිද්ධානතයට අනුව මනෝ විඥාණ වලට රූපස්කන්ධයක් සම්බන්ධ වන්නේ කොහොමද ?
ඒ වගේම බුද්ධ දේශනාවේ තියෙනවා "රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව, විඥාණයක් තිබිය නොහැක". ඒ අනුව රූපයක් මුල්විය යුතුමයි. එසේ නම් ඉහත ප්රශ්නය මේ ගැඹුරු දේශනාවෙන් විසඳා ගනිමු.

|
Monday, 10 January 2011 00:00 |
"යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති" යමෙක් පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකී එසේම යමෙක් ධර්මය දකීද ඔහු පටිච්චසමුප්පාදය දකි. යන බුදුවදනට අනුව දහම් අවබෝධය ලැබු පුද්ගලයකු පටිච්චසමුප්පාදය දැකිය යුතුය.
නමුත් බොහෝ දෙනා සිතා සිටින පරිදි එම ධර්මාවබෝධය ලැබු තැනත්තා, අවිද්යා පච්චයා සංඛාරා ආදි පදපෙල දැනගෙන සිටිය යුතුද ? එසේ පදපෙල නොදැන සිටීම ධර්මාවබෝධයට බාධාවක්ද?
මේ මනරම් ධර්ම දේශනාව අසා එම ගැටය ලෙහා ගමු.

|
Friday, 17 December 2010 00:00 |
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ ලොව පහලව, මේ කැඩි වැනසී යන ලෝකය සාරයි වටිනවා කියා අරන් ඇති දෘෂ්ඨිය, ඒවගේම ඒ දේවල් "මම" "මගේ" "මගේ ආත්මය" යයි කියා ගන්නා ලද මේ දෘෂ්ඨිය, හේතුඵල රටාවක් අනුව ගලාගෙන යන දේවල් බවත් එම දෘෂ්ඨිය විසි ආකරයකින් සත්වයා බැඳී ඇති ආකාරය දේශනා නොකරන්නට කෙසේ නම් නිවනක් දකින්නද. සැඟවීගිය මේ වටිනා දහම ඒ ආකරයෙන්ම දැනගමු. සක්කාය දිට්ඨියෙන් (සත්කාය දිට්ඨියෙන්) මිදෙමු.

|
|
|
|
<< Start < Prev 1 2 3 Next > End >>
|
Page 1 of 3 |