|
Friday, 16 July 2010 00:00 |
|
අපි කොහමද සීමාව දැනගන්නෙ, අපි යන්නේ මුළු ලෝකයම හදන්න. ඒත් අපිට පුළුවන්ද ඒක කරන්න.
අප මහා බෝසතාණන් වහන්සේ පාරමි පුරන කාලයේ උත්සහ කලේ මමත් සසරෙන් එතෙර වී සියළු ලෝසතුන් එතෙර කරන්නයි. ඉතින් උන්වහන්සේට සර්වඥ ඤාණය පහළ වුනාටයි පස්සෙයි දැන ගත්තෙ තමන් වහන්සේගේ නියපිඩට ගන්න පස් ප්රමාණයකට සමාන කොටසකට පමණයි මෙම දහම අවබෝධ වෙන්නෙ කියලා. ඒ ටිකටත් තමන් වහන්සේට කරන්න පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි, ඉතුරු ටික ඒ අය තනියම කරගන්න ඕන කියලා.
ඉතින් අපේ සීමාව දැනගමු. මේ ධර්ම දේශනාවට හොඳින් සවන් දෙමු.

|
|
Tuesday, 26 January 2010 00:00 |
|
මෙත් වැඩීම යනු මිත්රත්වයද ? අපිට මෛත්රී භාවනවෙන් නිවන් දකින්න පුළුවන්ද ? එක තැනක හිඳගෙන, ඇස් දෙක වහගෙන,
සියළු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා !
කියළා කිව්වාම ඔක්කෝම හරිද ? හොඳින් සවන් දෙමු, අර්ය්යන් වඩන නිවන් මගට යොමු කරවන ලෝකෝත්තර මෛත්රී භාවනාව වඩමු.


"මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, මේ මෛත්රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්රමණ බමුණන් සහිත ලෝකයෙහි තව කිසිවෙක් නැහැ."
බුදු පියාණන් වහන්සේ !!! |
|
Tuesday, 26 January 2010 00:00 |
|
අප්රමාණ මෛත්රිය පතුරුවා හැරිය හැකි තවත් කර්මස්තානයකි. ලෝකෝත්තර සහා ලෞකික වශයෙන් වැඩිය හැකි, නමුත් නිවනට පමණක් යොමුවු ආර්යය ශ්රාවකයා වඩන සහා අප්රමාණ මෛත්රිය පතුරුවා හැරිය හැකි ක්රමය දැනගමු. මුලින්ම විග්රහයට සවන් දෙමු, හරියට දැනගෙන කර්මස්ථානය වඩමු.
විග්රහය (වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේ)

කර්මස්ථානය (කුකුල්නාපේ සද්ධාරතන ස්වාමින්වහන්සේ)

|