|
Friday, 16 July 2010 00:00 |
|
අපි කොහමද සීමාව දැනගන්නෙ, අපි යන්නේ මුළු ලෝකයම හදන්න. ඒත් අපිට පුළුවන්ද ඒක කරන්න.
අප මහා බෝසතාණන් වහන්සේ පාරමි පුරන කාලයේ උත්සහ කලේ මමත් සසරෙන් එතෙර වී සියළු ලෝසතුන් එතෙර කරන්නයි. ඉතින් උන්වහන්සේට සර්වඥ ඤාණය පහළ වුනාටයි පස්සෙයි දැන ගත්තෙ තමන් වහන්සේගේ නියපිඩට ගන්න පස් ප්‍රමාණයකට සමාන කොටසකට පමණයි මෙම දහම අවබෝධ වෙන්නෙ කියලා. ඒ ටිකටත් තමන් වහන්සේට කරන්න පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි, ඉතුරු ටික ඒ අය තනියම කරගන්න ඕන කියලා.
ඉතින් අපේ සීමාව දැනගමු. මේ ධර්ම දේශනාවට හොඳින් සවන් දෙමු.

|
|
Thursday, 22 April 2010 00:00 |
|
පංච උපාදාන ස්කන්ධය අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් දැනගන්නෙ කොහොමද ? හොඳ ප්‍රශ්ණයක්. ඊට ඉස්සෙල්ලා අපි දන්නවද මොනවද මේ පංච උපාදාන ස්කන්ධ කියන්නෙ කියලා. නිකන්ම රූපයක් ඇහෙන් බැලුවම ඒක උපාදාන ස්කන්ධයක් වෙනවද ? ධර්මානූකූලව දැනගමු. මේ මනරම් ධර්මදේශණාවට සවන් දෙමු. ඉන්පසු කර්මස්ථානයක් විදිහට වඩමු.
විග්‍රහය (වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේ)

කර්මස්ථානය (කුකුල්නාපේ සද්ධාරතන ස්වාමින්වහන්සේ)

|
|
Wednesday, 24 February 2010 21:58 |
|
සීල විශුද්ධියෙන් චිත්‍ත විශුද්ධිය ඇති කළහැකි භාවනාවකි. සිතින් කයෙන් වචනයෙන් සංවර වීම මෙනහි කරගන්නාවු කර්මස්ථානයෙකි. නිවනම පමණක් අරමුණ වෙච්ච අර්‍ය භාවනාව පටන් ගන්න ආධුනික අයට හොඳ කර්මස්ථනයකි. එ වගේම, අපි කොහෙන්ද භාවනාව පටන් ගන්නේ කියලා හිත හිත ඉන්න අයට හොඳ කර්මස්ථානයක්. ඊට ඉස්සෙල්ලා විග්‍රහය අහල ඉමු.
විග්‍රහය (වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේ)

කර්මස්ථානය (කුකුල්නාපේ සද්ධාරතන ස්වාමින්වහන්සේ)

|
|
Tuesday, 26 January 2010 00:00 |
|
අපි මෙතෙක් කල් සම්ප්‍රදායානුකූලව කරගෙන ආව, බුදු ගුණ (නව අරහාදී බුදු ගුණ) භාවනාව නිවනට යොමු කර ගන්නේ කෙසේදැයි බලමු.

|
|
|
|
|
<< Start < Prev 1 2 Next > End >>
|
|
Page 1 of 2 |