|
Tuesday, 14 December 2010 00:00 |
|
අපි ආදරෙන් හා ආසාවෙන් රැකබලාගන්නා, පෝෂණය කරන දෙයක ඊට අනිවාර්යෙන් උරුම වූ කැඩී බිඳී වැනසී යාමේ ස්වභාය නිසා එය කැඩුනොත් වැනසුනොත් ඇතිවන්නේ ගින්නක්. ගින්නක් නිසා ඇතිවන්නේ මහා දාහයකි, දැවිල්ලකි. නමුත් අප ආදරෙන් බලා ගන්න දරුවන් නිසා මෙවැනි ගින්නක්, දාහයක් ඇති වෙනවා කියනවා නම් කෙසේ විශ්වාස කරන්නද ? දරුවා එක් දෙයක් පමණකි මෙසේ අනත්ත සංසාරේ කැඩෙන වැනසෙන දේවල් පස්සේ ගිහින් මොනතරම දාහයක් විඳින්න ඇතිද? යාථා ස්වභාවය දැනගෙන දැන් දැන්ම මිදෙන්න උත්සහ කරමු, කමටහනක් ලෙසද වඩමු. ඊට පෙර මේ සැඟවුණ දහම ලෙහා ගමු.

෴කර්මස්ථානය෴
කැඩෙන දේ කැඩෙත, බිඳෙන හැම දේ බිඳෙත නැහෙන දේ නැහෙත, අතැර මිඳුනම නිවන් දකිත
කැඩෙන දාක කය කැඩුනාවෙ, බිඳෙන දාක කය බිඳුනාවෙ නැහෙන දාක කය නැහුනාවෙ, අමා නිවන් සුව මට වූයෙ |
|
|
Monday, 29 November 2010 00:00 |
|
"මහා වැස්සක් වහිනකොට ඇල දොල ගංඟා පිරි, ඒ වැටෙන වැහි බිඳු මහ මුහදට යන්නා සේ, අප එල්ල කර දෙන පිංපෙත් අදාල ඥාති ප්‍රේත ආදින් කරා ගමන් කරයි" යන බුද්ධ දේශනාවට අනුව,
එය එසේ වන්නෙ කොහොමද? ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නෙ කොහොමද ? ධර්මානූකූලව දැනගමු.

|
|
Tuesday, 16 March 2010 13:20 |
|
ඉතින් අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, "අනිච්ඡාවත සංඛාරා" ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියළා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ "සියළුම සංස්කාරයෝ අනිත්‍යයි" කියළානේ, ඉතින් ඕකෙන් මොනව හරි අපි එකතු කරගත්තද ?
සංඛාර වල අනිච්ඡතාවය තේරුම් ගන්න හොද ධර්ම දේශනාවක්, හරියට දැනගමු.

|
|
|
Tuesday, 26 January 2010 00:00 |
|
එදිනෙදා ජීවිතයෙදි අපට විදින්නට සිදුවෙන සැප සහ දූක් වේදනා ගෙන දීමට හේතු වෙන කරුනූ කාරනා පටිච්ච සමුප්පාදය (හේතු ඵල ධර්මය) ඇසුරින් දැන ගමු.

|
|
Tuesday, 26 January 2010 00:00 |
|
බෞද්ධයෙකු වශයෙන් දැක බලා සංවේගය උපද විය යුතු තැන් ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය සහා කුසිණාරා නුවර ආදි වශයෙන් අපි දඹදිව ගොස් වන්දනා කරන්නෙමු. එහෙත් අප සංවේගයට පත් විය යුත්තේ කුමක් නිසාද? මේවා ලොවට සෙතක් සැලසු මහ උත්තමයෙක් වැඩ සිටිය තැන් දැන් විපරිණාමයට පත්වී ඇති කියාද? එහෙම කලාම හරිද? එයින් අපට ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවද? මෙම කරුනු ඥාණ ගෝචර ආකාරයට විමසා බලමු.

|
|
|
|
|
|