බුද්ධ දේශණාව

"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි."

හැඳින්වීම PDF Print

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය අර්ථ විපරීතයන්ට ලක්ව සැඟව ගොස් ඇති කාලවකවානුවක, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් මතු කරනු ලබන සැඟව ගිය දහම් කරුණු අප විසින් ලෝකවාසී පින්වතුන් අතර ව්‍යාප්ත කිරීමේ කාර්යය කරන්නෙමු.

ධර්මය ලිඛිත භාෂාවකින් ගෙන එමෙන් කලින් කලට අර්ථ කථනයන් දෙන්නට යෑමෙන් දහම් අරුත් වරදවා තේරුම් ගත හැකි නිසා බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද්දේ ධර්මය ලිඛිත භාෂාවකින් ගෙන එමට වඩා වාචිකව හෙවත් මුඛ පරම්පරාවෙන් ගෙන එමටයි. ඒ, දහම් පදවල අරුත් මතු කරන පද නිරුක්ති නොදන්නකම නිසාය. ඇතැම් විට මෙහි භාෂාමය අක්ෂර වින්‍යස, ව්‍යාකරණ දෝෂ ආදිය තිබිය හැකි වුවත් එවා කිසි සේත්ම ධර්මාවබෝධයට බධාවක් නොවන්නේ භාෂා රීතිය කුමක් වුවත් අවශ්‍ය වන්නේ අදහස තේරුම් ගැනීම පමනක් වන බැවිනි.

 
ත්‍රිලක්‍ෂණය හරියට දැනගමු PDF Print
Monday, 12 April 2010 00:00

බෞද්ධයකුගේ එකම ප්‍රාර්ථනාව නිවන් මග අවබෝධ කරගැනීමයි. ඊට ඉස්සෙල්ලා දැනගන්න අවශ්‍ය ඇයි අපි නිවන් දකින්න ඕන කියන එක. අද ඕකට ලෝක සම්මතයේ ඉන්න බෞද්ධයා දෙන උත්තරය තමයි "මේ ලෝකෙ සියළු දේ දුකයි, මේ සියළු දේ අතහැරීමෙන් නිවන් දකින්න ඕන" කියන එක. හ්ම්ම්, එතකොට අහන කෙනාට හිතනෙවා මූට පිස්සුද මේ පෙනි පෙනි තියෙන සැප නැහැ කියන්නෙ කියලා.

එතකොට මේ බුදුපියාණන්වහන්සේ දැක්ක දුක මොකද්ද?  මේ  "මහළු වීම", "මරණයට පත්වීම", "අකැමති අය සමග එක් වීම" , "ලෙඩවීම" ආදි අපි එදිනෙදා විඳින, ඕනම කෙනෙකුට තේරුම් යන දුක ගැන කියන්නද උන්වහන්සේ අප්‍රමාණ කාලයක් පෙරුම් පුරාගෙන ඇවිත් මේ ලෝකෙට දේශණා කලේ.

ඒ උතුම් වූ සර්වඥ ඤාණයට පමණක් ගෝචර (පසුව ශ්‍රාවක ගෝචර) වූ, කිසිම අන්‍ය සාස්තෘන්වහන්සේලාගෙන් දැනගත නොහැකි මේ ලෝකෙ අසාර බව, අනාථ බව අවබෝධ කල හැකි මුළු අසුහාරදාහක් ධර්මස්කන්ධයම කැටිවු වූ ත්‍රිලක්‍ෂණය හඳුනාගමු.


 
අපි එදිනෙදා දකින ජාති දුක, ජරාව, මරණය පෙර නොඇසූ විරූ දහමක් වන්නෙ කෙසේද? PDF Print
Tuesday, 04 May 2010 00:00

දම්සක් පැවතුම් සූත්‍රයට අනුව ජාති දුක, ජරා දුක, මරණ දුක ආදි පෙන්වන දුක්, බුදුපියාණන්වහන්සේ "පෙර නොඇසූ විරූ දහමක් (පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු)" යයි ගෙන හැර දැක්වූයේ ඇයි.  අන්‍යාගමික හෝ බුද්ධශාසනයෙන් පිට ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් (ඕනම පොඩි එකෙක් පවා) "ඔබට මරණයට පත්වීම, එසේ නොමැතිනම් වයසට යාම දුකක්ද සැපක්ද" කියා ඇහුවොත් කුමක් කියයිද? අනිවාරය‍යෙන් කියයි... "සැපක් කොහෙද දුකක් මිසක්" ඉතින් මේ හීනවූ, ග්‍රාම්‍ය වූ , පෘථක්ජනවූ , අනාර්‍යවූ අයටත් තේරෙන දුකක් ගැන කියන්නද බුදුපියාණන්වහන්සේ අනන්ත සංසාරේ පාරමිතා පුරාගෙන ආවේ ?..  

අනික මේ "දුක" සූත්‍රයේ තිබ්බ පලියට .. පොතේ තිබ්බ පලියට.. කටපාඩම් කරගත්ත පලියට... අපිට ඒ බුදුපියාණන් පෙන්නා දුන් "දුක පිළිබඳ ඥාණය (දුක්ඛේ ඥාණං), දුක ඇතිවීම පිළිබඳ ඥාණය (දුක්ඛ සමුදය ඥාණං), දුක නැති කිරීම පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධ ඥාණං), දුක නැතිකිරීමේ මාර්ගය පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ඥාණං)" ලැබෙනවාද..

සාවධානයෙන් මේ වටිනා දහම් දෙසුමට සවන් දෙමු... ගැටය ලෙහා ගමු.


 
RocketTheme Joomla Templates